Wednesday 4 December 2013

වය ධම්මා සංකාරා

නමෝ බුද්ධාය.
       ඕනෑම සත්වයෙක් මිය ගියාට පසු නැවත උපදිනවා කියල අපි දැන ගත්තෙ බුදු රජාණන් වහන්සේ එසේ දේශනා කල නිසයි. අප එය විශ්වාස කරන්නෙ  බුදු රජාණන් වහන්සේගේ  අවබෝධය අප විශ්වාස කරන නිසයි. නැතහොත් ශ්‍රද්ධාව  නිසායි. බුදු රජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව නැති සියලුම දෙනා මැරැනට පස්සෙ නැවත උපදිනවා කියල විශ්වාස කරන්නෙත් සැකයෙන්. අද ඉන්න බෞද්ධයන් බොහෝ දෙනෙක්ම මැරැනට පස්සෙ නැවත උපදිනවා කියල විශ්වාස කරන්නෙත් සැකයෙන්. ඒකට හේතුව ශ්‍රද්ධාව නැති කමමයි.
  බුදු රජාණන් වහන්සේ දේශනා කල ආකාරයට ඕනෑම සත්වයෙක් මිය ගිය සැනින් නැවත  ඉපදීම ආකාර හතරකින් සිදු වනවා.
අන්ඩජ හෙවත් බිත්තරයක් ඇතුලේ උපදින්න පුලුවන්.
ජලාබුජ හෙවත් මවු කුසක උපදින්නත් පුලුවන්.
සංසේතජ හෙවත් තෙත් පරිසරයක කුනු මස්වල කුනු කානුවල උපදින්න පුලුවන්.
ඕපපාතිකව උපදින්නත් පුලුවන්. ප්‍රේත ලෝකයේ නිරයේ සහ දෙවියන්ද උපදින්නේ ඕපපාතිකවයි. 
    ඕනෑම සත්වයෙක් නැවත උපදින්නේ භවය නිසයි. බුද්ධ දේශනාවේ තියෙන්නේ උපාදාන පච්චයා භවෝ කියලයි. ඊලඟ උපත තීරනය වෙන්නේ චුති සිත නිසා නොවෙයි....අවසාන චුති සිත නිසා උපදීම සිදුවෙනවා කියල කිසිම බුද්ධ දේශනාවක් නැහැ.
   තෙරැවන් සරණ ගිය ශ්‍රාවකයා සිහි මුලා වෙලා මැරැනත් දුගතියේ නොයන බව සෝතානුධත සූත්‍රයේදී  බුදුරජාණන් වහන්සේ දේශනා කලා.
  සංකාරුප්පත්ති සූත්‍රයේ සඳහන් වෙනවා ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඤ්ඤා සේඛබල වඩන කෙනෙක් අධිෂ්ඨානයක් ඇතිකර ගතහොත් මම මරණින් පස්සේ අසවල් අසවල් ලෝකවල ඉපදෙනවා කියලා එයාට ඒ ආකාරයට ඉපදෙන්නට හැකියාව තිබෙනවා. මිනිස් ලොව ඉන්න පුද්ගලයෙකුට දෙවියන් අතරත් ඒ ආකාරයට ඉපදෙන්න හැකියාව තිබෙනවා. 
  කෙනෙකුගේ ඊලඟ උපත තීරනය වන ආකාරය වේරංජක සූත්‍රයේදී බුදු රඡාණන් වහන්සේ දේශනාකලා
     භව පච්චයා ජාති. භවය සකස් වෙලා තිබුනේ කොතනටද මැරැන සැනින් එතන උපදිනවා. බුදු රජාණන්වහන්සේ දේශනා කලේ ඔසවා ගත් බරක් බිම තබනව වගේ උපදිනව කියලයි. යථා බතං නික්ඛිත්තං ඒවං උප්පඡ්ඡති. තව විදියකට බුදු රජාණන්වහන්සේ දේශනා කලේ  ලනුවෙන් ලිහපු වසු පැටවා මවගේ තන බුරැල්ලේ එල්ලෙනව වගේ වේගයෙන් උපතක් කරා යනව කියලයි.

 බුද්ධ දේශනාවේ එහෙම තියෙද්දිත් අපි අද හිතා ඉන්නෙ මැරැනට පස්සෙ දවස් හතක් අන්තරා භවයක ඉන්නව කියලයි.
  කාම ලෝකයේ විපාක විඳින්න කර්ම කිරීමෙන් කාම භවය සැකසෙනව.
  එතකොට මැරෙන කොටම කාම ලෝකයේ උපදිනව.  රෑප ලෝකයේ විපාක විඳින්න කර්ම කිරීමෙන් රෑප භවය සැකසෙනව.  එතකොට මැරෙන කොටම රෑප ලෝකයේ උපදිනව. අරෑප ලෝකයේ විපාක විඳින්න කර්ම කිරීමෙන් අරෑප භවය සැකසෙනව. එවිට මිය යන විටම අරෑප ලෝකයේ උපදිනව. භවය කියන්නෙ ඉපදීම නෙවෙයි ඉපදීමට හේතුවන දෙයයි. ඉපදීම  ඵලයයි.
කාම රෑප අරෑප භව තුනේම ඉපදීමට කර්ම සකස් නොවුනොත් උපදින්න තැනක් නැතිව යනව. භව නිරෝධා ජාති නිරෝධෝ.. එතකොට පිරිනිවන් පානව.
  මල ගෙදර පාංශු කූලය දෙන කොට මැරැන කෙනාගෙ භවය සකස් වෙලා තිබුනේ කොතනටද එතන ඉපදිලා ඉවරයි.
දෙන පින් අනුමෝදන් විමට පැමිනිය හැකි ප්‍රේත කොට්ඨාශයක ඉපදී සිටියොත් පමනක් පින් අනුමෝදන් විය හැකියි.  ඒකෙන් වෙන්නෙත් ප්‍රේත ලෝකයෙන් නිදහස් වීමක් නොවෙයි සුලු වශයෙන් දුක අඩු වීමක් පමනයි. කර්ම විපාකය අවසන් වනකම් එතනින් චුත වීමක් වෙන්නෙ නැහැ.
                      වරක් සාරිපුත්ථ මහ රහතන් වහන්සේගේ ආත්මභාව පහකට කලින් හිටපු මෑණියයන් ප්‍රේතියක්වී ඉපදිලා අනන්ත දුක් විඳිමින් සිටියදී සාරිපුත්ථ මහ රහතන් වහන්සේව මුන ගැසුනා. එදා සාරිපුත්ථ මහ රහතන් වහන්සේ විසින් අනෙකුත් මහා සංඝයාට දානයක් පිරිනමල එම ප්‍රේතියට පින් අනුමෝදන් කලා. ඒ පින අනු මෝදන් වීමෙන් එම ප්‍රේතියට ආහාර ලැබුන වස්ත්‍ර ලැබුනා පිපාසය සංසිඳුනා දුක යම් ප්‍රමානයකින් අඩු උනා..
එතනත් දුක අඩු උනා පමනයි. පින් අනුමෝදන් උනා කියල ප්‍රේත ආත්මයෙන් නිදහස් උනේ නැහැ..
ඊලඟට ඉපදුනේ නිරයෙ..  මහ රහතන් වහන්සේ කෙනෙකුටවත් තව කෙනෙකුගෙ භවය වෙනස් කරන්න බැහැ. මොකද ප්‍රේතයන්ට පින් අනු මෝදන් වන්න පුලුවන් උනාට  කුසල් වැඩීමේ හැකියාවක් නැහැ. ප්‍රේත ලෝකයේ පින් කරන්න බැරිබව අක්ඛන  සූත්‍රයේදී බුදු රජාණන් වහන්සේ වදාලා.
තුම්මේහි කිච්චං ආතප්පං
අක්ඛා තාරෝ තථාගතා.. තථාගතයන් වහන්සේලා කරන්නෙත්  මඟ පෙන්වන එක විතරයි වැඩේ කරගත යුත්තේ තමා විසින්මයි.
     වැස්සකටවත් පන්සලට ගොඩ උනේ නැති මිනිහෙක් මැරැනමත් නිවන් සැප ලැබේවා කියල කොල අලවන්නෙ දැන් නිවන් දැක්කවීමත් බෞද්ධ චාරිත්‍රයක් කියල හිතන නිසා.
    බුදු රජාණන් වහන්සේ සෝපාදිසේස සූත්‍රයේදී දේශනා කලා  මනුස්ස ලෝකෙන් මැරෙන නව දෙනෙක් නිවන් දකින බව. අන්න ඒ අයට නම් නිවන් සැප නොලැබේවා කියල රට පුරා බැනර් ඇන්දත් වැඩක් නෑ. එයාල අනිවාර්ය යෙන්ම නිවන් දකිනව. මොකද තව කෙනෙකුට තවත් කෙනෙක්ව නිවන් යවන්න බැහැ. එහෙම පුලුවන් උනානම් මහා කාරැනික බුදු රජාණන් වහන්සේ එහෙම හරි දේවදත්තව නිවන් යවනව.
 කෙනෙක් මැරැනට පස්සෙ නිවන් සැප ලැබේවා කියන එකත් නිවනට කරන සමච්චලයක් වගේ. මලාට පස්සෙ තියෙන්නෙ වලදාන එකයි. මොකද මෘත දේහයකට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙන්නෙ නැහැ. ඕනම කෙනෙකුට නිවන් දකින්න පුලුවන් වෙන්නෙ පන පිටින් ඉන්නකොට පමනයි. ඒක තමා විසින්ම කර ගතයුතුයි. මහ රහතන් වහන්සේලාත් නිවන සාක්ෂාත් කලේ ජීවත් වන කාලෙදිම තමයි.  එතකොට ආයුෂ අවසන් උනාම රත් උන කලයක් නිවෙනව වගේ විඤ්ඤානය නිවෙනව. පිරි නිවෙනව, පිරිනිවන් පානව.. 
  දහ අට දහසක් පමනවූ  සූත්‍ර පිටකයේ තිබෙන දේශනාවල එකකවත් බුදු රජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේලාවත් පාංශු කූලයකදී කල දේශනාවක් නැහැ. විශාකා මහ උපාසිකාවගේ මිනිබිරියක් මිය ගිය අවස්ථාවේත් බුදු රජාණන් වහන්සේට ඒ බව පැවසුවේ අවසාන කටයුතු කලාට පස්සෙ.
     වර්ථමාය වෙනකොට එක එක්කෙනා තම තමන්ට හිතෙන හිතෙන විදියට ධර්මය දේශනා කල නිසා බුදු රජාණන් වහන්සේ දේශනාකල උතුම් ශ්‍රී සද් ධර්මය මතක බන කියවා ගන්න තැනටම පත්උනා.
    කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ මේ වැහිල තිබුන බුද්ධ දේශනා ඇරල පෙන්නුවෙ නැත්නම් අදටත් මහා නායක හාමුදුරැවරැත් බුදු බවම පත පත ඉඳියි.
  

අද සමාජය මිත්‍යාවට බැඳිල අවිද්‍යාවෙන් වැහිල නිසා හිතා ඉන්නෙ පාංශු කූලෙදි වත්කරන වතුර එකෙන් ගොඩ යවන්න පුලුවන් කියල.   ජීවත් වෙලා ඉන්න කොට අවබෝධ නොකල ධර්මය මැරැනට පස්සෙ  අවබෝධ වෙයිද..
උන්නමේ උදකං වුට්ඨිං යථා නින්නං පවත්තති
එව මේව ඉතෝ දින්නං පේතානං උපකප්පති
යථා වාරි වහා පූරා පරිපූරෙන්ති සාගරං
ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති..

  යනුවෙන් තිරොකුඩ්ඩ සූත්‍රයෙහි ජලය පහතට ගලා යන්නාක් මෙන් මිනිසුන් විසින් දෙන පින පේ‍්‍රතයාට ලැබෙන බව දක්වා තිබේ. එසේ දෙන පින අනුමෝදන් වීමටත් පැමිනිය හැකි වන්නේ පරදත්තුරෑප ජීවී කියන  ප්‍රේත ලෝකයේ ඉපදී සිටියොත් පමනයි.  පැන් වඩා පින් දීමේදී ඉපදුන තැන අප නොදන්නා නිසා  මළවුන්ට පින් දීමේ දී පැන් වැඩීම වඩා යහපත් බව කිය යුතු ය 
  බුදු රජාණන්වහන්සේගේ ධර්මය තිබෙන්නේ මලවුන් සඳහා නොවේ.
ස්වාක්ඛාතෝ භගවතෝ
 ධම්මෝ සංදිට්ඨිකෝ
 අකාලිකෝ
 ඒහි පස්සිකෝ
 ඕපනයිකෝ
 පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤූහීති....

 සාදු  සාදු  සාදු..
 අදහස් හා යෝජනා...  udayakumara@hotmail.it
    නමෝ බුද්ධාය