Saturday 1 June 2013

ජානුස්සෝනි පේතදාන සූත්‍රය

අප විසින් මියගිය නෑයන් උදෙසා දෙනු ලබන්නාවු දානයන්ගේ විපාකය ඔවුන්ට බුක්තිවිදිමට ලැබෙන්නේද යන්න සලකා බැලිය යුතු කරැණක්. මෙම ප්‍රශ්ණය අද අපට ඇත්වන්නාක් මෙන්ම දැනට වසර 2500කට මත්තෙන් මෙම ප්‍රශ්ණය ඇතිවු අයෙක් මේ ආකාරයටම තථාගථයානන් වහන්සේගෙන් එය විමසු අවස්ථාවක් ත්‍රිපිටකයේ සදහන් වෙයි. ඒ  අංගුත්තර නිකායේ දසකනිපාතයේ ජානුස්සෝනි වග්ගයේ 23 වන ජානුස්සොනි ප්‍රේතදාන සුත්‍රයේයි.
අපි කොතෙකුත් දන් පින් දුන්නද අපගේ සෑම ඥාතියෙකුටම එම පින භුක්ති විදින්ට ලැබෙන්නේද නැත. මෙසේ දන් දි පින් පැමුණුවු විට එම පින් ලැබීමට අවකාශ ඇත්තේ බුදුපියානන් වහන්සේ විසින් දේශිත අයුරැම "ස්ථානයේ" උපන්නන් හට පමණි "අස්ථානයේ" උපන්නන් හට මෙම පින අනුමොදන් නොවේ.
ඉක්බිති ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ,භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට, "පින්වත් ගෞතමයන් වහන්ස, අපි බ්‍රාහ්මණයෝ වෙමු. මේ දානය පරලොව ගිය නෑයන්ට සහ ලේ නෑයන්ට පැමිණේවා.මේ දානය පරලොව ගිය නෑයෝ සහ ලේ නෑයෝ වළදත්වා යි දන් දෙමු. මතකබත් දෙමු. පින්වත් ගෞතමයන් වහන්ස, ඒ දානය පරලොව ගිය ඒ නෑයන්ට සහ ලේනෑයන්ට පැමිණේදැයි, ඇසීය.

බමුණ, ස්ථානයෙහි ලැබෙයි. අස්ථානයෙහි නොලැබේය" යි වදාළ සේක. "භවත් ගෞතමයන් වහන්ස, ස්ථානය කවරේද, අස්ථානය කවරේද" යි ඇසූයේය.
"බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන්  මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, පරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම කය  බිඳී මරණින් මතු නරකයෙහි උපදී. නරකයෙහි සත්ත්‍වයන්ගේ යම් ආහාරයක් වේද, ඉන් හෙතෙම එහි යැපෙයි. එලෙස හෙතෙම එහි සිටියි. යම් තැනක සිටියහුට ඒ (ඤාතින් වෙනුවෙන් දුන් දානය) නොලැබේ.. බමුණ,(නරකය) මෙයද අස්ථානයයි.


"බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන්  මරන්නේ
වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, පරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම කය  බිඳී මරණින් මතු තිරිසන් අපායෙහි උපදී. තිරිසන් යෝනියෙහි සත්‍වයන්ට යමක් ආහාර වේද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් ඔහු එහි සිටියි. යම් තැනක සිටියහුට ඒ දානය නොලැබේද, බමුණ, මෙයද අස්ථානයකි.


"බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනීමෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, දැඩි ලෝභකම නැත්තේ වේද, ක්‍රෝධ සිත් නැත්තේ වේද, සම්‍යක්දෘෂ්ටිකද, හෙතෙම ශරීරය බිඳී මරණින් මතු  මනුෂ්‍යයන් අතර උපදී. මනුෂ්‍යයන්ගේ යමක් ආහාර වේද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් ඔහු එහි සිටියි. යම් තැනක සිටියහුට ඒ දානය නොලැබේද, බමුණ, මෙයද අස්ථානයකි.


"බමුණ,  මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනීමෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, දැඩි ලෝභකම නැත්තේ වේද, ක්‍රෝධ සිත් නැත්තේ වේද, සම්‍යක්දෘෂ්ටිකද, හෙතෙම ශරීරය බිඳී මරණින් මතු දෙවියන් අතර උපදී. දෙවියන්ගේ යමක් ආහාර වේද,  හෙතෙම
ඉන් යැපෙයි. ඉන් ඔහු එහි සිටියි. යම් තැනක සිටියහුට ඒ දානය නොලැබේද, බමුණ, මෙයද අස්ථානයකි.


"බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන්  මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, පරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම  ශරීරය  බිඳී මරණින් මතු ප්‍රේත ලෝකයෙහි උපදී. ප්‍රේත ලෝකයට ගිය සත්‍වයන්ගේ ආහාරය යමක්ද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් හෙතෙම එහි සිටියි. ඔහුගේ මිත්‍රයෙක්, අමාත්‍යයෙක් හෝ නෑයෝ හෝ ලේනෑයෝ හෝ යම් පිනක් පමුණුවත්ද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් හෙතෙම එහි සිටී. යම් කිසි තැනක සිටියහුට ඒ දානය ලැබේද, බමුණ, මේ වනාහි ඒ ස්ථානයයි"


"භවත් ගෞතමයන් වහන්ස, ඉදින් ඒ නෑයන් සහ ලේනෑයන් ඒ ප්‍රේත තෙම එතැනට නොපැමිණියේ නමි කවරෙක් ඒ දානය වළදාදැ" යි ඇසීය. "බමුණ, ඔහුගේ අනිකුත් ඥාති ප්‍රේතයෝ එතැනට පැමිණියාහුද,
ඔවුහු ඒ දානය වළදත්ය" යි වදාළ සේක.

"භවත් ගෞතමයන් වහන්ස, ඉදින් නෑයන් සහ ලේනෑයන් ඒ ප්‍රේතතෙමේද එතැනට නොපැමිණියේ වේද, නෑයන් සහ ලේ
නෑයන්  අනිකුත් ප්‍රේතයෝ එතැනට නොපැමිණියාහු වෙත්ද, කවරෙක් ඒ දානය වළදාදැ යි ඇසීය. 

"බමුණ, මෙපමණ දීර්ඝ කාලයකින් යම්  නෑයන් සහ ලේනෑ ප්‍රේතයන්ගෙන් ඒ තැන හිස්වූයේ වේද, මෙය නොසිදුවන්නකි. එයට ඉඩක් නැත. බ්‍රාහ්මණය, ඇරත් දායකයාටද නිෂ්ඵල නොවන්නේය."
ප්‍රේතාත්මයක සිටියත් දානයේ පින අනුමෝදන් වීමට නම් එතැනට පරදත්තු රූප ජීවී හෙවත් දෙන පින් අනුමෝදන් වියහැකි ආත්මයක සිටින ප්‍රේතයා පැමිනිය යුතු වන්නේමය..

 බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද,  නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්තු, යාන, වාහන, මල්ගද විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, හෙතෙම ශරීරය බිදිමෙන් මරණින් මතු ඇතුන් අතරෙහි උපදී. හෙතෙම එහිදී ආහාරපාන නොයෙක් මල්මාලා සැරසීම ලබන්නේ වේ.


 බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද,  නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්තු, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, හෙතෙම කය බිඳී මරණින් මතු අශ්වයන් අතරෙහි උපදී.


 බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද,  නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්තු, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, හෙතෙම කය බිඳී මරණින් මතු ගවයන් අතරෙහි උපදී.


 බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද,  නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්තු, යාන, වාහන, මල්ගඳ  විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, හෙතෙම කය බිඳී  මරණින් මතු බල්ලන් හා උපදී.


"බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනීමෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, දැඩි ලෝභකම නැත්තේ වේද, ක්‍රෝධ සිත් නැත්තේ වේද, සම්‍යක්දෘෂ්ටිකද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු මිනිසුන් හා සමව උපදී. හෙතෙම මහණ බමුණන්ට යම් කෑමක්, බීමක්, වස්ත්‍රයක්, වාහනයක්, මල් සුවදවිලවුන්, ඇදන්, ගෙවල්, පහන් දෙන්නේ වේද, එයින් හෙතෙම එහි මනුෂ්‍යවූ පස්කම් ගුණ ලබන්නේ වේ.
"බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනීමෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, දැඩි ලෝභකම නැත්තේ වේද, ක්‍රෝධ සිත් නැත්තේ වේද, සම්‍යක්දෘෂ්ටිකද, හෙතෙම ශරීරය බිඳී  මරණින් මතු දෙවියන් හා සමව උපදී. දිව්‍යවූ පස්කම් ගුණ ලබන්නේ වේ.
"පින්වත් ගෞතමයන් වහන්ස, පුදුමයි, අද්භූතයි. පින්වත් ගෞතමයන් වහන්ස, දානයක්දී දායක තෙමෙ නිෂ්ඵලවූයෙක් වේද, එවැනි දානයන් දීමෙන් පින් රැස් වන්නේමය. මළවුන් පිදීමෙන් කම් නැත. මලවුන් ආවත් මලවුන් නාවත් දානයේ පින් රැස් වන්නේමය.

 බ්‍රාහ්මණය, මෙය මෙසේමයි. බ්‍රාහ්මණය, දායකයාත් දෙන දානයෙන් නිෂ්ඵලවූවෙක් නොවේ..

"පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත,
සාදු  සාදු  සාදු...


           සාරාංශය

01) මළවුන් වෙනුවෙන් දෙනු ලබන දානය සෑම විටම ඔවුන්ට ලැබෙන්නේ නැත.එනම් ඥාතින්ට ස්ථානයේදී එය ලැබේ අස්ථානයේදී නොලැබේ.

02) ස්ථානය නම්, පරදත්තු රූප ජීවී නම් ප්‍රේත කොට්ඨාශයට ඥාතින් විසිනු පමුනුවනු ලබන පින් අනුමොදන් වීමෙන් ජිවිතය පවත්වන්නාවු ප්‍රේත කොටිඨාශය පමණක් පින් අනුමොදන් වේ.

03) අස්ථානය නම්, යම් මිය පරලොව ගිය ඤාතියෙක්, නිරයේ ඉපදී ඇත්නමි, තිරිසනුන් අතර ඉපදි ඇත්නම්,මනුෂ්‍යයයින් අතර ඉපදී ඇත්නම්, දෙවියන් අතර ඉපදී ඇත්නම් ඔවුනට මළවුන් වෙනුවෙන් දෙනු ලබන පින අනුමොදන් නොවෙනු ඇත.

04) පින් දෙනු ලබන්නාවු ඥාතියාට පින් අනුමොදන් විමට නොහැකි බවයක ඉපදී ඇත්නමි, වෙනත් එබදු පින් අනුමොදනා විමට බලාපොරොත්තුවෙන් සිටිනා ඥාති ප්‍රේතයන් පැමින ඒ පින අනුමොදනා වෙයි.

05) එලෙස පින ලැබිම සදහා සුදුසු වන්නාවු භවයක උපන් ඥාතියෙක් නැතිවිම  කොනක් නැති මේ සසරේ නොමැති විම ඉතා  දුර්ලබ වන අතර, යම් හෙයකින් එසේ වුවද,

06) අකුසලකර්ම අධිකතර වු සත්ත්වයින් නිරයගාමි වුවද, තිරිසන් යෝනියේ උපත ලැබීමට නියමවුයේ උඋතුම් වු සත්ත්වයෙක් යැයි සලකන්නෙකි.

වද, ප්‍රේතව උපත ලැබීමට නියම වුයේ උවද, දන් දීම නිසා ඔවුන් ඇත්, අස්, ගවව උපදියි. යම් විට බල්ලන්වද උපදියි. නිරය දුක්ඛය හා සලකා බැලීමෙදි මෙබඳු සතුන්ව උපදිම සැපැක්යැයි කිව යුතුය. පන්සල්, දේවාල ආදියේ සමහර මිනිසුන්ටද වඩා සැප විදින්නාවු අලි ඇතුන් හා ගවයින් ඔබ දැක ඇතිවාට සැක නැත. මිනිසුන්ට වඩා සැප විඳිනා බල්ලන්ද ඔනෑ තරම් සොයාගත හැක. අශ්වයා ද තිරිසනෙක් වුවද මිනිසුන් හා දෙවියන් සම්බන්ධයෙන් වන විට දන් දෙන්නාවු මිනිසුන්ගේ හා දෙවියන්ගේ පස්කම් සැප වැඩෙනා බව බුදුපියානන් වහන්සේ විසින් දේශනා කර ඇත. එහෙයින් ඤාතින් වෙනුවෙන් පමුනුවන ලද පින අනුමොදන් විමට යම් ඤාතියෙක් නොවුවද, දානයදී පින්දුන් තැනැත්තාට
යහපතක් මිස අවැඩක් නොවන බව සියල්ල යථා පරිදි දැන දේශනා කලාවු තථාගතයානන් වහන්සේගේ දේශිතයයි.
නමෝ බුද්ධාය..