Saturday 28 June 2014

මිත්‍යා ඇදහිලි සහ මිත්‍යා විශ්වාස

  මිත්‍යා ඇදහිලි සහ මිත්‍යා විශ්වාස සමාජයේ පැතිරෙන වේගය අන් කාලවලට වඩා දැන් ඉතාමත් වේගයෙන් සිදුවනවා. මේ සෑම මිත්‍යා විශ්වාසයක්ම දොහොත් මුදුන් දිල ගෙඩි පිටින් බාර ගන්නා ජාතිය නම් උප්පැන්න සහතිකයෙන් බෞද්ධයන් වූ සිංහළයන්ම පමනයි. මොන විදියකින් හෝ ලෙඩක් හොඳ කරනවා කීවොත් පවුල් පිටින් ගිහිල්ල ඕනම ජරාවක් අදහන්න මේ ඊනියා බෞද්ධයෝ සූදානම්. 
 එහෙම අය කාලෙකට නික වැරටිය යනව. කාලෙකට දොලු කන්දෙ යනව....
   ලංකාවෙ අතීතය අරගෙන බැලුවොත් ජාතිය සිංහළ නම් හිටියෙ බෞද්ධයො විතරයි. සිංහළ බොද්ධ සිංහළ ක්‍රිස්තියානි කියල ජාතීන් දෙකක් හිටියෙ නෑ.  දැන් ඉන්න සිංහළ කිතුනුවොත් පරම් පරා දෙක තුනකට උඩදි පරංගින්ට ජාතක වෙලා බුදු දහම අත හැරල මිත්‍යාව වැලඳ ගත් අයයි.
  බත් පැකට් එකට, ටකරන් කොල වලට,සහ පොඩි පොඩි ලාබ ප්‍රයෝජන වලටත් තමන්ගේ ආගම මාරැ කරන්නේ ඔය වගේ අතරමන් උන බෞද්ධයො තමයි.
යෙහෝවට බය උන අය යෙහෝව සරණ යනව  අල්ලාට බය උනඅය අල්ලාහ් සරණ යනව තිසරණය ටිකටික  අසරන වෙනව ...කොන්ද පන නැති නමට බෞද්ධයො තිසරණය අතහරින්නෙ යෙහෝවට තියන බයට.. බය නැතුව තිසරණය සරණ යන්න නම් කොන්ද පන තියෙන්න ඕන..
      කිතුනුවෝ බාගෙට අත් ඔසවල ඉල්ලනව, තම්බිල උඩට අත් උස්සල ඉල්ලනව. බෞද්ධයො කුනු පලතුරැ පෙන්නල  අත් දෙක එකතු කරගෙන ඉල්ලනව. කිසි වෙනසක් නෑ මේ තුනම එක සමානයි.
 
මහායාන බුද්ධාගම ප්‍රචාරයකරන ආයතනද දැන් ලංකාවේ බිහිවෙලා තියනව. රටින් එන ඕනම ජරාවක් අත් පොලසන් දීල බාර ගන්න එක සිංහල ජාතියේ පුරැද්දක් වෙලා.
   නාථ දෙවියො මුල්කරගෙන පවත්වාගෙන යන ජොහොර මධ්‍යස්ථාන මිත්‍යා දිට්ඨිකයි කියල බොහෝ දෙනා දන්නෙ නෑ. මෛත්‍රී බෝසතුන්ගෙ නම විකුනගෙන බෞද්ධ වේශයෙන් ආව මිත්‍යාවක් කියල නොවැටහෙන්නෙ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය නොදන්නා බෞද්ධයන්ටයි. 
  මේකත් විජාතික බලවේග විසින් ථේරවාදී බුදු දහම යටපත්කරල මහායානය ඉස්මතු කරන්න ගන්නා උත්සාහයක්. ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය අසන්නට නොලැබුන සියලුම දෙනා හිතන්නේ ඒකත් ඇත්ත කියල. 
  සල්ලි වලටත් ජොහොර බලය විකුනන කොට අනේ අසරන මිනිස්සු සල්ලි දීල මිත්‍යාව මුදලටත් ගන්නව. ජොහොර බලය දෙන මධ්‍යස්ථාන වලදි අසරන මිනිස්සු අහුවෙන්නෙ කෙමනට මාලු අහු වෙනව වගේ..එතකොට සායිබබා පේන්නෙත් වන්දනාවට සුදුසු පුද්ගලයෙක් වගේ.
 සද්ධම්ම පුන්ඩරික සූත්‍රය පස්සෙ යන්නෙත් ඔය වගේම යන එන මං නොදන්නා බෞද්ධයන්ම තමයි. ධර්මය නොදන්නා අය ඕනෑම දෙයකට රැවටෙනව. එයාල හිතන්නෙ  බුදු රජාණන් වහන්සේ දඹදිව් තලය පුරාවට ගම් නගර වල සැරිසරමින් ධර්මය  දේශනාකලේ අක්ෂර ඝන මාත්‍රා සහිතව ශබ්ද විද්‍යානුකූලව  කියලයි...ඒ නිසා සමහර අය දැන් බුද්ධ දේශනා වලටත් ඝන පිහිටුවනව..එයාලට ඕන කරන්නෙ තේරෙන භාෂාවකින් අහල අවබෝධ කරන්න නෙමෙයි අවබෝධයෙන් තොරව ශබ්දයෙන් ගුන ගන්නයි..එතකොට සිංහලෙන් ඇහෙන පිරිතත් නයාට අඳු කොල වගේ.
     මහායාන සම්ප්‍රධායට අනුව ගෞතම බුදු රජාණන් වහන්සේත් ඉක්මවා ගිය සමහර පැවිද්දො දැන් සක්ඛාය දිඨියෙන්මත්වෙලා මාර්ග ඵල ප්‍රදර්ශනය කරන්නත් පටන් අරගෙන තියනව...  ඒ මදිවට බුදුරජාණන් වහණ්සේ ලංකාවෙ ඉපදුනා කියන රහතන් වහන්සේලාත් බිහිවෙමින් පවතිනව .එයාලට හතරවන ධ්‍යානයේදී බඩ යනව..ප්‍රාර්තනා කරල යාක්ඥා කරල එකම එක සෝතාපණ්න ශ්‍රාවකයෙක් වත්  බිහි කරන්න බැරි ලෝකෙ එයාල ලක්ෂ ගනනින් රහතුන් වහන්සේලා බිහි කරන්න හදනව.. ඒ අතර සමහරක් අය සිවුරැ දරාගෙනම ගිහි බුදුවරැන්ටත් වන්දනා කරනව...  
         ගෞතම බුදු රජාණන් වහන්සේ මිනිස් ලෝකයේදී කිසිම මිනිසෙකුට අභිධර්මය දේශනා කලේ නැති උනාට දැන් ඉන්න සමහරක් පුද්ගලයො ශාස්තෲන් වහන්සේවත් ඉක්ම යනව.එයාල පංති දාගෙන අභිධර්මය මිනිසුන්ටත් දේශනා පවත්වනව.. බුදු රජාණන් වහන්සේ මිනිසුන්ට දේශනාකල සූත්‍ර  දේශනා තිබෙද්දි එයාල බුදු රජාණන් වහන්සේටත් උගන්වනව....
   ධර්මය නිවරදිව තේරැම් නොගැනීම නිසා අද බොහෝ අය ශිල ව්‍රත වලට බැඳී යනව එයාල හිතන්නෙ මස් මාංශයෙන් වැලකීමත් ශීලයක් කියලයි සෝතාපන්න වීමටවත් උත්සාහ කරනවානම් ශීලබ්බත පරාමාස හඳුනගන්න. ගෙදරදි මාලු කන අය සිල් ගන්න දවසෙදි ඒකම ශීල ව්‍රතයක් කරගන්නවා..
   ඕනම අවස්ථාවක හාමුදුරැ කෙනෙක් පන්සිල් දෙනවිටක එතන ක්‍රිස්තු භක්තිකයෙක් හිටියොත් ඔවුන් අත් පහතට දමාගෙන  නිශ්ශබ්ද ඉන්නව.. ඒක ඔවුන්ගේ ආගමේ අභිමානය. තුන් ලෝකයටම අග්‍ර උන බුදු කෙනෙකුට වඳින්නවත් ඒ දෑත් එකතු වෙන්නේ නැහැ. අන්න ඒකට සිංහළ බෞද්ධයො වඳින්න ගත්තම දේවාලෙ ගෙම්බටත් වඳිනව ඌරටත් වඳිනව... තෙරැවන් සරණ නොගිය කෙනා හැම එකටම රැවටෙනව ඒකත් අපේ දෙයක් කියල..

    මේ වන කොට බොහෝ දෙනා හින්දු ආගමයි බුදු දහමයි එකට පටලවා ගෙන අදහන්න පුරැදුවෙලා. බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් ශාස්තෲන් වහන්සේ නිසා සියලුම දිව්‍ය තල ගැනත් දෙවිවරැ ගැනත් දේශනා කරල තියනව. මූනු ගොඩක් තියන දෙවිවරැ අලි ඔලුවක හොඩවැල් තියන දෙවිවරැ අදහන්න යාමෙන් සත්තා දේව මනුස්සානං වූ බුදු ගුනයත් හෑල්ලුවට ලක්වෙනව.
  මේ භිංදු දේව විශ්වාස නීසා චාතූර්මහා රාජිකය යාමය තාවතිසය තුසිතය නීම්මානරතිය පරනිම්මිතවසවර්තිය යන දිව්‍ය ලෝකත් ශක්‍ර දේවේන්ද්‍රයා සහ සතරවරම් දෙවි වරැ පිළිබඳවත් දැන් බොද්ධයාට විශ්වාසය හීන වෙමින් පවතිනව.. තම්බියෙක් ගත්තොත් ඒක සීයට සීයක්ම මුස්ලිම්.. කිතුනුවොත් සීයයට සීයක්ම ක්‍රිස්තියානි.. බෞද්ධයෝ සීයට පනහක් බෞද්ධ සීයට පනහක්ම හින්දු.. බෞද්ධයො හිතන් ඉන්නෙ භිංදු ආගමේ එන නැකත් කේන්දර ග්‍රහ අපල සේරම  බෞද්ධ කියල...
  ලොකු මිත්‍යා දෘෂ්ඨි හා පොඩි මිත්‍යා දෘෂ්ඨි කියල මිත්‍යා  දෘෂ්ඨීන් දෙකක් නැහැ.. කවුරැ කොහොම ඇදහුවත් විපාකය එකයි.. මැරැනට පස්සෙ ගෑනු හැත්ත දෙකක් ලැබෙනවා කියන එකයි, නාන්න නැකතක් තියනවා කියන එකයි, දෙකම සමාන විපාක දෙන  මිත්‍යා දෘෂ්ඨි තමයි.. එකක් හිංන්ඳු, අනික මුස්ලිම්, එපමනයි වෙනස.. මිත්‍යා දෘෂ්ඨීන් නැති එකම ආගම බුදු දහම පමනයි..... බුද්ධ දේශනාවෙ තියෙන්නෙ මිත්‍යා දෘෂ්ඨිකයාට උපත් දෙකයි කියල, එක්කො නිරය නැත්නම් තිරිසන් අපාය..


බෞද්ධ ලමයකුට අකුරැ කියවද්දි බුදු පිලිමෙට වඩා ප්‍රමුකත්වයක් දෙන්නෙ හිංදු ආගමික මිත්‍යා විශ්වාසයක් වන අලි ඔලුවකටයි. බුදු දහම නොදත් බෞද්ධයො බුද්ධ ශාසනයේ ප්‍රඥාවට අගතැන් පත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වෙනුවට මිත්‍යා දිට්ඨික හිංදු පිලිම සරණ යනව.
  බෞද්ධයො පංසල් ඇතුලෙත් මේ හිංදු ආගමික මිත්‍යා දිට්ඨික දේව රෑප වලට නමස්කාර කලාට හිංදු දේවස්ථාන වල බුදු පිලිමයක් දකින්නවත් නැහැ. හිංදූන්ගෙ විශ්වාසය බුදුන් අවතාරයක් කියලයි. නමට බෞද්ධයො හිතන්නෙ කලියුගයේ බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි කියලයි.
            ඉතින් බුදු දහම නොදත් මේ වගේ බෞද්ධයො අප්‍රේල් දහතුන එන කොටම බුදු දහම අත හැරල ඒ දවස් දෙක තුනට හිංදු ආගම අදහනව.. දැන් අපි අපේම දෙයක් වගේ රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන සිංහළ හා දෙමළ අවුරැද්දේ තියෙන්නෙ සම්පූර්නයෙන්ම මිත්‍යා දිට්ඨික හිංදු චාරිත්‍ර මිස බෞද්ධ චාරිත්‍ර නොවෙයි....තිසරණය අතහැරල නැකත් සරණ ගිය අය නැකතට තිරිසන් සතුන්ගෙ ඔලුවෙත් තෙල් ගානව. සියලු දුක් නැති කරල නිවන් අවබෝධ කිරීමට ප්‍රතික්ඥා දුන්නත් මේ සීලබ්බත පරාමාස වැලඳ ගන්න අයත් එමටයි....අනගාරික ධර්මපාල තුමා හින්දු පූජකයන් ගෙන් බුද්ධගයාව බේරල නැවත බෞද්ධයන්ට උරැම කර දුන්නත් අපේ බෞද්ධයෝ   එහේ ගිහිල්ල හිංදු මතය ප්‍රදර්ශනය කරල කොඩිත් එල්ලනව..

   මේ හිංදු ආගමික විශ්වාස නිසා කර්මය විපාක දෙන ආකාරක ගැනත් බලන්නෙ සැකයෙන්. එතකොට විශ්වාසය තියන්නෙ "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" යන බුදු වදන නොවෙයි. එතකොට හිතන්නෙ වහලෙ පරාල වලින්, ජනෙල් උලුවහු වලින්, විපාක දෙන්න කර්ම සකස් වනවා කියලයි. එහෙම උනාම ගෙයක් පදිංචි වෙන්නෙත් බොද්ධ චාරිත්‍රානු කූලව තිසරණය සහිත පංච සීලය සමාදන් වීමෙන් නෙවෙයි,, හිංදු චාරිත්‍රානු කූලව නෑකතක් බලල කිරි ටිකක් උතුරවලයි...එතකොට කවදාවත් බුදුන්සරණ නොගිය එකාත් ගෙයි එල්ලනව බෝඩ් එකක් මේ නිවසට බුදුසරණයි කියල..
   එතකොට කර්මය විපාක දෙන ආකාරය පේන්නෙත් අග මුල මාරැවෙලා.විපාක පිනිස කර්ම සකස් වෙන්නෙ ලස්සන ගෙයක් දිහා බලල ඒකට සිතේ ඊර්ශාව හට ගන්නා කෙනාටයි.  ඊර්ශ්‍යාව අකුසලයක් කියල තේරැම් ගන්න බැරි උනාම අලුත හදන ගෙයි පුහුල් ගෙඩියක් එල්ලන්නෙ ඒකයි..වෙන්නෙ එක දෙයක් කරන්නෙ තව දෙයක්..

     සමහරැ ආරක්‍ෂාවට කියල ගුරෙකුට සල්ලිත් දීල එල්ලගන්නව සුරයක්.. එතනදි වෙන්නෙ අමනුෂ්‍යයෙකුගෙන් ආරක්ෂාවෙන්න තවත් අමනුෂ්‍යයෙකුට කොන්ත්‍රාත් එකක් දීමයි.. හැබැයි පුලුටුගඳක් දැනුනොත් ,බැදුම් සුවඳක් ආවොත් ,ඒකට උන්හිටි තැන් අමතක වෙලා සුරේ පලාගෙන හරි  පනිනව. ඉතින් අපට වෙන්නෙ අන්තිමට සුරේ ආරක්ශා කරන්න තමයි
   සියලුම හිංදු චාරිත්‍ර අදහන්නෙ බෞද්ධ වේශයෙන් නිසා මිත්‍යා දිට්ඨික හිංදු දේව සංකල්ප බෞද්ධ වේශයෙන්ම රැකෙනව. එතකොට කිරි අම්මා දානය පේන්නෙත් බෞද්ධ චාරිත්‍රයක් වගේ..
   කිරි අම්මා දානය දීමේදී නොකරම බැරිනම් පමනක් කරන්න. මොකද එතනදි නොදැනුවත්වම සිද්ධ වෙන්නෙ අකුසලයක්. ඒක මිත්‍යා දිට්ඨිකදාන ගොඩටයි වැටෙන්නෙ.බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ බුද්ධශාසනයෙන් බාහිරව දන් දෙන තැනැත්තා උපාසක චන්ඩාලයකු වන බවයි.
   හැම  වැඩකදීම අමනුෂ්‍යයන් සමග  සම්බන්ධවීම  දැන් බෞද්ධ චාරිත්‍රයක් වෙලා.. තෙරැවන් සරණ යන්න හිත බයයි. අලුතෙන් වාහනයක් ගත්තම පූජ වට්ටියට යතුර තියල ආරක්ෂාව  අමනුස්සයන්ට බාර දෙන්නෙ ඒකයි..මැද කන්ණාඩියෙ මල් මාලෙ එල්ලල, සුක්කානමේ පඞුර ගැට ගහල, ෂෙල් එකේ දෙහි මිරිස් මාලෙ එල්ලගන්න බෞද්ධයම ඩෑෂ් බෝඩ් එකේ බුදු පිලිමෙකුත් අලවගන්නව......එතකොට බුදහාමුදුරැවො ඩෑෂ් බෝඩ් එකේ දේවදත්ත ඩ්‍රයිවින් සීට් එකේ.. ඩෑෂ් බෝඩ් එකේ බුදු පිලිමයක් අලව ගත්තට වඳින්නෙ සුක්කානමට..
 තෙරැවන් සරණ ගැන විශ්වාසයක් නැති බෞද්ධ අම්මල උපදින්නත් කලින් යාතිකාවක් කරල දරැව බලාගන්න අමනුෂ්‍යයෙකුට කොන්ත්‍රාත් දෙනව..ඉතින් ඉපදුන දා ඉදලම ඒකා යකා වගේ අඬනව.. අමනුෂ්‍යයට උන බාරෙත් අමතක වෙලා යකා රවට්ටනව අද නොවේ හෙට කියල....
 

ඒ වගේම තවත් මහාපරිමාන යෙන් කෙරීගෙන යන මහායාන මිත්‍යාවක් තියනව. ඒකත් රටින් ආපු එකක් නිසා වැට උඩ ඉන්න බෞද්ධයො ඒක අරගත්තෙත් නමස්කාර කරලයි. මොකද දැන් හැමදේම chaines වෙලා තියෙන නිසා අදහන ආගමත් උන්ගෙනම ගත්තතම  මොකද.
   බූතයෙක් වගේ හදපු පිලිමෙකට ලාපින් බුද්ධා කියල නම දාගෙන උන් බුද්ධ කියන වචනෙටත් අගෞරව කරනව. 
   කර්ම කර්ම ඵල නොදන්නා අටලෝදහම ගැන අවබෝධයක් නැති නමට බෞද්ධයො ෆෙන් ෂුයි වලින් ලැබෙයි කියල හිතාගෙන බඩ තඩි භූතයව ඝරණ යනව. විශාල වශයෙන් ව්‍යාපාරික ප්‍රජාව දැන් මේක ගෙඩි පිටින් ගිලලයි ඉන්නෙ. 
  පොල් ගෙඩිය ගල් ගෙඩියෙ ගහල දියුනුවෙන්න උත්සාහ කරපු මිනිස්සු දැන් තක්කාලි ගෙඩිය වලදාල ගොඩ යන්නත් ට්‍රයි කරනව
   පීරිසියක සල්ලි කොල අතුරල ඒක උඩින් අර බූත පීලිමෙ තියාගෙන අටලෝදහම වෙනස් කරගන්න උත්සාහ කරන නමට බෞද්ධයො මේ වගේ මත්‍යාව ඇදහීම නිසා ඊලඟ භවය නිරයට හෝ තිරිසන් ලෝකයට පාර කපා ගන්නව..කර්මය කර්ම ඵලය ගැන විශ්වාසයක් නැති නමට බෞද්ධයො වාලම්පුරියක් ලඟ තියා ගෙන වාසනාව එනකම් බෙලි කටුව රකිනව.

  ජනප්‍රිය රූපවාහිනී නාලිකාවල පැය ගනන් මිත්‍යාව ප්‍රචාරය වෙනකොට හිතන්න බැරි මිනිස්සු මේවට අහුවෙනව. එතකොට උන් ගෙම්බොත් සරණ යනව. ඒ වටිනා කාලයෙන් ජීවිතයට ෆෙන්ෂුයි නොදී ජීවිතයට වටිනා දෙයක් දෙන එක වගකීමක් ඇති මාධ්‍ය වල යුතුකමයි.


  නමෝ බුද්ධාය.