Thursday 9 May 2013

දෙවි ලොව ආයු කාලය

චතුර්මහාරාජික භුමිය

එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින්- වසර 50
එහි මාසයක් යනු - දින 30 කි.
එහි වසරක් යනු - මාස 12 කි.
චතුර්මහාරාජිකයේ පරමායුෂ - දෙවිලොව වසර 500 කි.
ඒ අනුව මිනිස් ලොව වසර - 50x30x12x500= 9,000,000 (අනු ලක්ෂයකි)

තාවතිංස භුමිය.


එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 100

එහි මාසයක් යනු - දින 30 කි.
එහි වසරක් යනු - මාස 12 කි. 
තාවතිංස පරමායුෂ - දෙවිලොව වසර 1000 කි.
ඒ අනුව මිනිස් ලොව වසර - 36,000,000 (තුන්කෝටි හැට ලක්ෂයකි)

යාම භුමිය,

එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 200
එහි මාසයක් යනු - දින 30 කි.
එහි වසරක් යනු - මාස 12 කි.
යාමයේ පරමායුෂ - දෙවිලොව වසර 2000 කි.
ඒ අනුව මිනිස් ලොව වසර - 144,000,000 (දාහතර කොටි හතලිස් ලක්ෂයකි)

තුෂිත භුමිය,

එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 400
එහි මාසයක් යනු - දින 30 කි.
එහි වසරක් යනු - මාස 12 කි.
තුෂිතයේ පරමායුෂ - දෙවිලොව වසර 4000 කි.
ඒ අනුව මිනිස් ලොව වසර - 576,000,000 (පනස් හත් කෝටි හැට ලක්ෂයකි)

 ණිර්මාණ රති භුමිය,

එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 800
එහි මාසයක් යනු - දින 30 කි.
එහි වසරක් යනු - මාස 12 කි.
නිර්මාණරතියේ පරමායුෂ - දෙවිලොව වසර 8000 කි.
ඒ අනුව මිනිස් ලොව වසර - 2,304,000,000 (දෙසිය තිස් කොටි හතලිස් ලක්ෂයකි)

 පරනිර්මිත වශවර්තිභුමිය

එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 1,600
එහි මාසයක් යනු - දින 30 කි.
එහි වසරක් යනු - මාස 12 කි.
පරනිර්මිත වශවර්තිභුමිය  දෙවිලොව වසර 16,000 කි.
ඒ අනුව මිනිස් ලොව වසර - 9,216,000,000 (නවසිය විසි එක්කොටි හැට ලක්ෂයකි)

ප්‍රථම ධ්‍යාන භුමි 03
ඉතාමත් බලවත් කුෂල කර්මයකින් ධ්‍යාන භුමින්හි උපත ලැබිම සිදුවන නිසා,මෙම භුමින්හි ආයු ප්‍රමාණය දක්වා ඇත්තේ කල්ප වලිනි.
බ්‍රහ්මපාරිසජ්ජය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/3 කි.
බ්‍රහ්මපුරෝහිතය, ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/2 කි.

මහාබ්‍රහ්මය ආයු කාලය අසංඛ්‍ය කල්පයකි.

ද්ව්තිය ධ්‍යාන භුමි 03
පරිත්තාභ, ආයු කාලය මහා කල්ප 02
අප්පමාණභ, ආයු කාලය මහා කල්ප 04
ආභස්සරය ආයු කාලය මහා කල්ප 08 

තෘතිය ධ්‍යාන භුමි 03
පරිත්තසුභ, ආයු කාලය මහා කල්ප 16 
අප්පමාණසුභ, ආයු කාලය මහා කල්ප 32
සුභකිණ්ණය. ආයු කාලය මහා කල්ප 64 

චතුර්ථ ධ්‍යාන භුමි
වෙහප්ඵලය, ආයු කාලය මහා කල්ප 500
අසඤ්ඤසත්තය, ආයු කාලය මහා කල්ප 500

සුද්ධාවාස භුමි 05
අවිහ,‍‍ ආයු කාලය මහා කල්ප 1000
අතප්ප, ආයු කාලය මහා කල්ප 2000 
සුදස්ස, ආයු කාලය මහා කල්ප 4000 
සුදස්සී, ආයු කාලය මහා කල්ප 8000
අකනිටිඨ ආයු කාලය මහා කල්ප 16,000

 අරැපාවචර භුමි 04
ආකාසානඤ්චායතනය,  ආයු කාලය මහා කල්ප 20,000
විඤ්ඤාණඤ්චායතනය, ආයු කාලය මහා කල්ප 40,000
ආකිඤ්චඤ්ඤායතනය,  ආයු කාලය මහා කල්ප 60,000
නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, ආයු කාලය මහා කල්ප 84,000

බුදු රජාණන් වහන්සේ මේ දිව්‍ය ලෝක පිහිටා තිබෙන ආකාරය සහ දුර ප්‍රමානයද දහඅට වන  දම්ම හදය විභංග සූත්‍රයේදී දේශනා කොට වදාලා. මනුෂ්‍ය ලෝකයේ සිට චාතූර්මහාරාජික දෙව් ලොවට දුර ප්‍රමානය යොදුන් 42.000
එතන සිට යොදුන් 42.000 ඉහලින් තාවතිංසයද
එතන සිට යොදුන් 42.000 ඉහලින් යාම දෙව් ලොවද
එතන සිට යොදුන් 42.000 ඉහලින් තුසිත  දෙව් ලොවද
එතන සිට යොදුන් 42.000 ඉහලින් නිම්මානරතියද
එතන සිට යොදුන් 42.000 ඉහලින් පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයද පිහිටා තිබෙනවා.
එතැන සිට පලමුවෙනි බ්‍රහ්ම තලයට ඇති දුර යොදුන් පනස්පන්ලක්‍ෂ අටදාහක් වන අතර  අවසාන බ්‍රහ්ම ලෝකය වන නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වාම එකිනෙක අතර පරතරය  යොදුන් පනස්පන්ලක්‍ෂ අටදාහක් වනබව බුද්ධ දේශනාවේ සඳහන්.